අපගේ දැක්ම

"ආර්ථීක සංවර්ධනයෙන් හා සමාජ සාරධර්මවලින් පිරිපුන් ජනතාවගෙන් හෙබි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්"

අපගේ මෙහෙවර

"රාජ්‍යය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම"
 

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉතිහාසය

කෑගල්ල යනු ඈත අතීතයේ සිට උඩරටට පිවිසීමේ වැදගත් සන්ධිස්ථානයකි. කැළණි නිම්නය හරහා වැටී තිබුණු "රාජ මාවත" ද අඟුරුවැල්ල, රුවන්වැල්ල, දිවෙල, ඈවුණුගල්ල හා හෙට්ටිමුල්ල යන ගම්මාන හරහා වැටී තිබූ බව සඳහන් ය. කොළඹ සිට මහනුවර දෙසට දිවෙන මාර්ගයේ ඉතා වැදගත් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස කෑගල්ල හැඳින්විය හැකිය. කොළඹ නුවර මහා මාර්ගයේ පිහිටා ඇති කෑගල්ල නගරයේ සිට කොළඹට කිලෝමීටර් 78 හා මහනුවරට කිලෝමීටර් 36 දුරක් ඇත.

උතුරින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද දකුණින් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් සහ බස්නාහිරින් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම් වන කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරු අක්ෂාංශ 7-1 සහ 7-08 ද නැගෙනහිර දේශාංශ 80-19 හා 80-22 අතර ද පිහිටා ඇත.

මෙම කොට්ඨාශයේ අඩි 2000 උසින් යුත් භූමි ප්‍රමාණය හෙක්ටයාර 120 ක් ද, අඩි 500-1000 අතර උසකින් යුත් භුමි ප්‍රමාණය හෙක්ටයාර 7777 ද වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ත් 27 ත් අතර පවතී.

මෙම ප්‍රදේශයේ ජලාපවහන පද්ධතිය අනුව උතුරු බෑවුමේ පිහිටා ඇති මහ ඔයේ අතු ගංගා ලෙස කෑගලු ඔහ සහ මාරපන ඔය හැඳින්විය හැකිය. මොරොන්තොට හරහා ගලා බස්නා ගුරුගොඩ ඔය කැළණි ගඟේ අතු ගංගාවකි.

ජන කථාවලලට අනුව වලගම්බා රාජ සමයේ දී කෑගල්ල යන නම ව්‍යුත්පන්න වී ඇති බව සදහන් වේ. වළගම්බා රජු තම සේනාව සමඟ සටනට යන අතරවාරයේ පර්වතයක් උඩ දිවා ආහාරය සදහා නැවතී ඇත. ඉන්පසු නැවතත් ගමන් ආරම්භකොට මද දුරක් යන අතරවාරයේ රජුට තම ගිරය අමතක වී ඇති බව වැටහින. බත් කෑ ගල උඩ ගිරය ඇති බව සඳහන් කොට රජතුමා රාජ පුරුෂයකු පිටත්කර හැරියේය. මෙහි සඳහන් බත් කෑ ගල යන්න පසුකාලීනව කෑගල, කෑගල්ල යනුවෙන් ජන වහරට එක්විය. වර්තමානයේ කෑගල්ල නගර මධ්‍යයේ පිහිටා ඇති ගල් පල්ලිය යනුවෙන් හඳුන්වන කිතුනු දෙව් මැදුර පිහිටා ඇත්තේ මෙම බත් කෑ ගල උඩය. එසේම මෙම ස්ථානයේ ඇති වලගම්බා මහා විද්‍යාලය එම නමින් හැඳින්වීමට හේතු වී ඇත්තේ ද වළගම්බා රජතුමාට ගෞරව කිරීමක් වශයෙන් බව සඳහන් වේ.

පළමුවන පරාක්‍රමභාහු රාජ සමයේ කෝරළ සහ පත්තු අනුව පරිපාලන ප්‍රදේශ හඳුනා ගැනීම සිදුවූ අතර,1890 දී සබරගමුව  බෙලිගල් කොරළය, කිණිගොඩ කෝරළය, ගල්බොඩ කෝරළය හා පරණකූරු කෝරළය ලෙස වෙන් කෙරිණ. පසු කාලීනව එම නිර්වචනය කරන ලද සීමාවන් විවිධ වෙනස්කම් වලට භාජනය වී ඇත.

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී පරණකූරු කෝරළය, මාවත පත්තුව උතුර, මාවත පත්තුව දකුණ, දෙයාල දහමුණ හා කඳුඅහපත්තුව ලෙස වෙන් කර ඇති අතර, එම කොට්ඨාශයේ ආදායම් එකතු කිරීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ආදායම් නිලධාරී තනතුරක් ද ඇති කරන ලදී. ඉන් පසු 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  ඉහත ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාශයේ සීමාවන් වෙනස් කිරීමකින් තොරව එහි නිල නාමය පමණක් සහකාර දිසාපති ලෙස වෙනස් කරන ලදී.

1992 වර්ෂයේ දී මෙම සහකාර දිසාපති කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ලෙසත්, තනතුරු නාමය ප්‍රාදේශීය ලේකම් ලෙසත් වෙනස් කරන ලදී. ඒ අනුව වර්ථමානයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 61 කින් සහ ගම්මාන 146 කින් සමන්විත වේ.

මෙම කොට්ඨාශයේ මුළු භුමි ප්‍රමාණය හෙක්ටයාර 10586 කි. එනම් වර්ග කි.මී.106.86 කි. වී, තේ, රබර් හා පොල් ප්‍රධාන වගාවන් ලෙස දැකිය හැකි අතර කෝපි, කොකෝවා, ගම්මිරිස්, කරාඹු හා පුවක් අතුරු වගාවන් ලෙස හඳුනාගත හැකිය. 


කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නියමුවන්

නම සිට දක්වා තනතුර       
ඩී.බී.බස්නායක මහතා 1948 1953   ප්‍රාදේශිය ආදායම් නිලධාරී
ටී.බී.එම්.ඒකනායක මහතා 1953 1958   ප්‍රාදේශිය ආදායම් නිලධාරී
විමලරත්න කුමාරගම මහතා 1958 1962   ප්‍රාදේශිය ආදායම් නිලධාරී
විජේරත්න පුවක්මොටේ මහතා 1962 1966   ප්‍රාදේශිය ආදායම් නිලධාරී
කේ.නැඳුරත මහතා 1966 1968   ප්‍රාදේශිය ආදායම් නිලධාරී
ජේ.බී.දවුලගල මහතා 1968 1982   සහකාර දිසාපති
බී.යූ.බෝකොලමුල්ල මහතා 1982 තුන් මසක්   සහකාර දිසාපති
කේ.ඒ.ධර්මදාස මහතා 1982 1992   සහකාර දිසාපති
ඒ.ඩබ්ලිව්.අබේසේකර මහතා 1992 1997   ප්‍රාදේශීය ලේකම්
ඩී.එම්.එම්.දිසානායක මහතා 1997 2001   ප්‍රාදේශීය ලේකම්
මහින්ද සෙනෙව්රත්න මහතා(වැ.බ.) 2001 2002   ප්‍රාදේශීය ලේකම්
ඩබ්ලිව්.එම්.ආර්.බී.විජේකෝන් මහතා 2002 2009   ප්‍රාදේශීය ලේකම්
එල්.ඒ.පී.යූ.ලියනආරච්චි මහතා 2009 2013.01.14   ප්‍රාදේශීය ලේකම්
එච්.ටී.ආර්.එන්.පියසේන මහත්මිය 2013 2018.08.04   ප්‍රාදේශීය ලේකම්
කේ.ජී.එස්.නිශාන්ත මහතා 2018.09.13 2023.11.22   ප්‍රාදේශීය ලේකම්
එම්.එම්.පී.පී.පෙතන්ගොඩ මහත්මිය 2023.11.23 2026.06.24   ප්‍රාදේශීය ලේකම්
ෂාමලී පියතිස්ස මිය 2026.06.25 වැඩ ආවරණය ප්‍රාදේශීය ලේකම්

News & Events

06
සැප්2018
පුවත්

පුවත්

{slider රාජකාරි ඇරඹීම -2026 |close}   {slider ඩෙංගු...

28
අගෝ2017
Events

Events

Just In Just In ''Nethin Ethera'' cultural...

Scroll To Top